IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෆාරි සඳහා යොදවා සිටි හිලෑ අලියෙකු හදිසියේ මියයයි

(කාංචන කුමාර ආරියදාස)

සෆාරි සඳහා යොදවා සිටි හීලෑ අලියකු අද (17) හිටිහැටියේ මියගොස් ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

සිගිරිය ප්‍රදේශයේ අලි සෆාරි සංචාර තුනක් අද දිනයේ මෙම අලියා විසින් සිදුකර තිබෙන බවත් හතරවෙනි සංචාරකයන් පිරිස පිට මත  තබා ගමන් ආරම්භ කර මද දුරක් යනවිට එකවර අලියා ගමන නවතා තිබෙන බවත් අලියාට යම්කිසි රෝගයක් හටගෙන ඇති බව වටහා ගත් ඇත්ගොව්වා නැවතත් සංචාරකයන් අලියා පිටින් බස්සවා මද වේලාවකට පසු අලියා මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් කියති.

මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලෙබැද්ද රත්නපුර ප්‍රදේශයේ හිමිකරුවෙකුට අයත් වාසනා නමැති වයස අවුරුදු දහ අටක් පමණ වන පිරිමි අලියෙකු බව සීගිරිය වනජීවී නිලධාරීන් පවසති.

මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණි සීගිරිය අඩවි වනසත්ව අඩවි ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතා කියාසිටියේ හීලෑ අලින් පිළිබඳව නිරන්තරයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළයුතු බවත් පසුගිය කාල සීමාව තුළ මෙම අලියා මෙම සෆාරි භූමියේ නොසිටි බවත් අලියා නැවත සෆාරි ස්ථානයට රැගෙන ආ බව තමාව දැනුවත් නොකළ බවත් සඳහන් කළේය.

 



අදහස් (2)

සෆාරි සඳහා යොදවා සිටි හිලෑ අලියෙකු හදිසියේ මියයයි

රජින්ද Thursday, 17 October 2019 05:53 PM

සීගිරියේ අලි සෆාරි විදේශිකයින් හදුන්වන්නේ සත්ව හිංසාවක් කියායි. එවැනි දේකට මේ අහිංසක සතුන්ව පාවිච්චි නොකර උන්ට උන්ගේ පාඩුවේ සොබාදහම තුල හැසිරෙන්න දෙන්න. කොයි දේකත් සීමක් තියෙනවා. මේ සත්තු ඉන්නේ අපිව පිනවන්න නෙවෙයි කියන මතයෙයි බොහෝ සංචාරකයෝ ඉන්නේ. පොඩ්ඩක් ඔවුන්ගේ වීඩියෝ වල ඔවුන් මේ රට ගැන දක්වලා තියෙන අදහසුත් කියවන්න. විකාර වැඩ වලට සත්තු යොදා නොගෙන.

:       0       26

maheshika Thursday, 17 October 2019 07:07 PM

මනු සතා තරම් තව සතෙකුගේ වේදනාව නොදත් සතෙක් මේ මිහිපිට නැතුව ඇති.

:       0       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site