IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සයින්දමරුදු බල ප්‍රදේශයට නව නගර සභාවක්

(නාලක සංජීව දහනායක)
 
කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප‍්‍රදේශය සදහා නව නගර සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
 
නැගෙනහිර පළාත් ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
 
එමෙන්ම කල්මුණේ උතුර සහකාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමටද තීරණය කර ඇත.
 
ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින 13ක් වන ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 46ක් දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
 
එම ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව නීත්‍යානුකූලව සීමා නීර්ණය සිදුකොට නම් කරන තෙක් රජයේ සංවර්ධන ප‍්‍රතිලාභ ලබාදීමේදී ග‍්‍රාම නිලධාරී වසම් හතලිස් හයක් සේ සලකා කටයුතු කරන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.



අදහස් (0)

සයින්දමරුදු බල ප්‍රදේශයට නව නගර සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site