IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සමෘද්ධි හිමිකම් දීමේ උත්සවයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ අද (3) පැවති සමෘද්ධි හිමිකම් බෙදාදීමේ උත්සවය දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මැද පැවති අතර එහිදී එක්සත් ජාතික පක්‍ෂයේ කොළොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රී පී. අබේනායක මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභිකයෙකු රෝහල් ගත කරනු ලැබීය.

මෙසේ රෝහල් ගත කෙරුණේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභික නුවන් විදානගම මහතාය. මෙම සමෘද්ධි හිමිකම් බෙදාදීමට එරෙහිව පුද්ගලයන් දෙදෙනකු ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවක් ද අරඹා ඇත. තිත්තවැල්පොත වසමේ ආර්. සුමතිරත්න සහ පී. සුරංග යන දෙදෙනා මෙසේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවේ යෙදී සිටිති.

රටපුරා ක‍්‍රියාත්මක වූ සමෘද්ධි හිමිකම්පත් බෙදාදීමේ වැඩසටහනේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුතින් 2669 දෙනෙකුට සමෘද්ධි හිමිකම් අනුමත වී තිබුණි.

එහෙත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 6627 දෙනෙකු නිර්දේශ කර යවා තිබුණි. අමාත්‍යාංශයෙන් අනුමත වී තිබූ ලේඛණයේ පිරිසට සමෘද්ධි බෙදාදීමේ උත්සවය ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී අද (3) පැවැත්විණි.

මෙම උත්සවය පැවති ශ‍්‍රවනාගාරයට සමෘද්ධි හිමිකම් නොලැබූ පිරිස් ද ඇතුළුවීමට උත්සාහ ගෙන තිබූ නමුත් පොලීසිය ඔවුන් ඇතුළුවීම වළකාලනු ලැබීය. එක්සත් ජාතික පක්‍ෂයේ කොළොන්න ආසන සංවිධයාක හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රී පී. අබේනායක මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.

සමෘද්ධි හිමිකම් නොලද පිරිස් ශ‍්‍රවණාගාරයෙන් පිටත සිට පී. අබේනායක මහතා ඇතුළු පිරිසට සිය විරෝධය පළ කළහ.

සමෘද්ධි හිමිකම් නොලැබූ පිරිස සම්බන්ධයෙන් අබේනායක මහතා සමඟ කතාකිරිමට ගිය තමන්ට අබේනායක මහතා කණට ගැසූ බවත් ඔහු සමඟ සිටි සෙසු පිරිස ද ඔහු අනුගමනය කරමින් තමන්ට පහරදුන් බවත් රෝහල් ගතව සිටින ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභික නුවන් විදානගම මහතා පැවසුවේය.

මෙය සමෘද්ධි හිමිකම්ලාභීන් කපා හැරීමක් නොවන බවද කී එම ප‍්‍රකාශකයා ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරයා හෝ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය කළ ක‍්‍රියාවක් නොවන බවත් ඉදිරියේ දී සෙසු පිරිසට පියවරෙන් පියවර සමෘද්ධි හිමිකම් ලැබෙනු ඇති බව ද පැවසීය.



අදහස් (1)

සමෘද්ධි හිමිකම් දීමේ උත්සවයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

ලසන්ත Wednesday, 03 July 2019 12:56 PM

ඇඹිළිපිටිය කියන්නේ මැරයින්ගේ රාජධානියක් කියන්න පුළුවන්. එහෙම වෙලා තියෙන්නේ ග.නි.ස.ම යටතේ මේ ප්‍රදේශය සංවර්ධනය කිරීමේදී විවිධ පෙදෙස්වලින් විවිධාකාරයේ මිනිසුන් පැමිණ පදිංචිවීම නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 168 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1022 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site