IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සබරගමු රෝහල් කනිෂ්ඨ සේවක පිරිස විරෝධතාවක

(ලසන්ත නිරෝෂණ පෙරේරා) 
                               
සබරගමු පළාත් රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල රැකියා ස්ථිර නොකළ සේවකයෝ පිරිසක් සබරගමු පළාත් සභාව ඉදිරිපිට අද(22) විරෝධතාවක නිරත වූහ.
 
පසුගිය 2015, 2016 වර්ෂවලදී සබරගමු පළාත් රෝහල්වල සේවයට බඳවාගත් තමන්ගේ රැකියා ස්ථිර කරදෙන ලෙස අවස්ථා කිහිපයකදි සබරගමු පළාත් බලධාරීන් දැනුවත් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොලද බව උද්ඝෝෂකයෝ පැවසූහ. 
                                                      
නියෝජිතයින් 5දෙදෙනෙකු සබරගමු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය වෙත කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡාවට සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ද සහභාගි වූයේය. තම ගැටළුවලට නිසි පිළිතුරක් නොලද බව පවසමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය යළිත් සබරගමු පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවට එක්වූහ.
                                                      
පුහුණු කාලය අවසන්ව වසර හතරක් ගෙවී ගියද මෙතෙක් සේවය ස්ථිර නොකිරීම නිසා සබරගමු පළාතේ රෝහල්වල කනිෂ්ඨ සේවකයින් සිය ගණනක් දැඩි  අපහසුතාවයට ලක්වී සිටිතැයි ඒකාබද්ධ  සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු තැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසුහ. රෝහල් කනිෂ්ඨ සේවකයින්ගේ රැකියා ස්ථිර කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිවිය යුතු බව සබරගමු පළාත් සභාවේ බලධාරීන් පවසා තිබේ. 
                                                                                             
පවතින තත්ත්වය හමුවේ තමන්ට නිවාඩු හෝ දීමනා නොලැබෙන බවද රෝහල් කනිෂ්ඨ සේවකයෝ පැවසුහ.  
                                                   
බොරු පොරොන්දු නොදී කඩිනමින් තම සේවය ස්ථිර නොකළහොත් සබරගමු පළාත් සභාව අසළ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ද වෘත්තීය සමිති නියෝජිතවරු සඳහන් කළහ.   



අදහස් (0)

සබරගමු රෝහල් කනිෂ්ඨ සේවක පිරිස විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site