(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රියදුරු නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ මියගොස් ඇත.
මියගිය පුද්ගලයා බළන්ගොඩ මොරහැල උඩවෙල ප්‍රදේශයේ පදිංචි 35හැවිරිදි පුද්ගලයෙකි.මෙම පුද්ගලයාගේ පී.සී.ආර්.පරීක්ෂණ 20වැනිදා සිදුකර තිබූ අතර 21වැනිදා පෙරවරුවේ ඇතිවූ හදිසි අපහසුතා මත බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බවත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවත් රෝහල් අරාංචි අනාවරණය කරයි.
පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් සිරුර බළන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd