(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල ප‍්‍රදේශයේ රක්ෂිත වනාන්කර වල සිටින සතුන් දඩයම් කිරිමේ ජාවරමක නිරත වි පුද්ගලයකු සමඟ මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් අද (18) ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගලේවෙල පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් විසින් ගලේවෙල ගොන්නගස්යාය ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමෙන් පසුව නිවසේ වහලයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට ගලේවෙල පොලිසිය සමත් වි ඇත.
සැකකරු ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර දිගු කලක සිටි මෙම ගිනි අවිය යොදාගෙන රක්ෂිත වනාන්තරවල සිටින සතුන් දඩයම් කිරිමේ නිතර වී තිබේ.
සැකකරු මෙම ගිනි අවිය යොදාගෙන වෙනත් අපරාධයක් කළාද යන්න පිළීබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරු අද (18) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd