(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට අද (23) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 17 දෙනෙක් තුවාල ලබා නෝටන්බ්‍රීජ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය ඉස්මත්තේ කෙසෙල්ගමු ජලාශය ස්මත්තේ පිහිටි ස්ථානයක දිය නාමින් සිටින අවස්ථාවේ බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කීය.
බිංගිරිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත ගම්බිම් බලා යමින් සිටියදී නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය ඉස්මත්තේ පිහිටි ස්ථානයක දිය නාමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
තුවාල කරුවන් අතර වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙක්, කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 11 සිටි බවත් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd