IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රාවස්තිපූර අනතුරකින් දෙදෙනකු මරුට

 

(බී .ජී.චතුරංග)


අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර  ප්‍රදේශයේ දී අද (27) අලුයම  සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වික්ටෝරියා පෙදෙස ගම්මාන අංක 1 පදිංචි ඒ.ජී රන්බණ්ඩා (60) සහ නෙරංජලා පියදර්ශනී (32) නැමැති පියෙකු සහ දියණියක බව අනුරාධපුර පොලිසිය කියයි.


අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් සහ තලාව දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.


මරණකාරිය විසින් ත්‍රිරෝද රථය පදවා ගෙන ගොස් තිබෙන අතර, එම ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි එම කාන්තාවගේ පියා ද, මෙම අනතුරින් මියගොස් ඇගේ ඥාති දියණියක් සහ නැගණියක්  බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


අනතුරට පත් මෝටර් රථය පදවා ඇත්තේ වෛද්‍යවරයකු වන අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මෝටර් රථයේ ගමන් කර ඇති ඇති බවත්  අනතුරින් වෛද්‍යවරයා සහ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.


මෝටර් රථයේ රියැදුරු වන සැකකාර වෛද්‍යවරයාට නින්ද යාමෙන් මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී ගොස්, නිවැරදි මංතීරුවේ පැමිණි ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.


සැකකාර වෛද්‍යවරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


 



අදහස් (0)

ශ්‍රාවස්තිපූර අනතුරකින් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site