IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ කැණීම් 19 දා සිට

(විනීතා එම් ගමගේ)
 
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කි‍්‍රයාත්මක, තිස්සමහාරාම වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා පරිශ‍්‍රයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමේ කටයුතු මේ මස 19 වැනිදා සිට ආරම්භ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කච්චේරියගම ප‍්‍රදේශයේ වෙහෙරගොඩැල්ල  පුරාවිද්‍යාත්මක භූමිය පිහිටා ඇත. 
 
තිස්සමහාරාම පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පිහිටා ඇති මැණික් ස්තූපය, යටාල ස්තූපය, තිස්සමහාරාම ස්තූපය සහ සඳගිරි ස්තූපය යන ප‍්‍රධාන ස්තූපයන්ට කේන්ද්‍රීයව මෙම වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යාත්මක ස්ථානය පිහිටා ඇති අතර මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය (කි‍්‍ර.පූ. 220) දක්වා දිවයන බවට අනුමාන කෙරෙතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රධාන පරිපාලන නිලධාරී බර්නාඞ් වසන්ත මහතා ලංකාදීපයට පැවැසීය.
 
ඉපැරණි යටාල ස්තූපයට ඉතා සමීප දුරකින් පිහිටා ඇති නිසා වෙහෙරගොඩැල්ල ස්තූපයද යටාල ස්තූපය හා සමීප සම්බන්ධතාවක් ඇති බවට අනුමාන කරන බව ද හෙතෙම කියා සිටියේය.
 
දැනට වල් බිහි වී පවතින මෙම පුරාවිද්‍යා පරිශ‍්‍රය ඉදිරියේදී නිසි පුරාවිද්‍යා ක‍්‍රමවේදයන්ට අනුකූලව කැණීම් සහ සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් අනතුරුව රුහුණු මාගම්පුර ඉතිහාසය විදහා දක්වමින් සංචාරක ආකර්ෂණය ගොඩනැංවෙන ස්මාරකයක් ලෙස සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරෙන බව ද වසන්ත මහතා කියා සිටියේය. 
 
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම කටයුතු කි‍්‍රයාත්මක කෙරෙන බව ද ඔහු පැවසීය.



අදහස් (0)

වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ කැණීම් 19 දා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site