IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙඩි වැදුණ සද්ධන්තයෙකු ජීවිතයත් මරණයත් අතර සටනක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම මහපිටියඇළයාය ප්‍රදේශයේ කුඹුරුයායක වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි ඇතෙකු බේරා ගැනීම සඳහා අද (27) වනජීවි නිලධාරීන් පිරිසක්  බලවත් උත්සාහයක නිරතවූහ.

ඇළයාය කුඹුරක වැටී සිටි මෙම ඇතා පිළිබඳව ප්‍රදේශවාසීන් නවගත්තේගම වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණි.

වන ජීවි නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් දැඩි ලෙස මෙම ඇතා අසාධ්‍ය මට්ටමක සිටි බව වනජීවි නිලධාරීහු පැවැසූහ.

අඩි අටකට වඩා උසකින් යුත් මෙම ඇතා වයස අවුරුදු 35 කට ආසන්න බවද ඔවුහු කියති.

වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පවසා සිටයේ ඇතාගේ හිස ආසන්නයට දරුණු වෙඩි පහරවල් කිපයක් වැදීම නිසා හිස එසවිම නොහැකි මට්ටමක පැවතීම හේතුවෙන් ඇතා බේරා ගැනීමට විශාල උත්සහයක් ගන්නා බවයි.

සුසුම්නාවට හානි වීම නිසා ඇතා යළි නැගි සිටුවීමේදී අවදානම් තත්වයක් මතුව ඇති බවත් ඔහු පැවසීය.



අදහස් (0)

වෙඩි වැදුණ සද්ධන්තයෙකු ජීවිතයත් මරණයත් අතර සටනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site