(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙඳසැලකට කඩා වැදු දෙදෙනෙකු අද(13) ගිනි අවියකින් වෙඩි තබා එම වෙළෙඳසැලේ සිටි මව සහ පුතු බියගන්වා පවුම් තිහක රන් භාණ්ඩ කොල්ලාකා පලා ගොස් තිබේ.
වෙළෙඳසැලේ සිටි මව සහ පුතුගේ පළදා සිටි රන් භාණ්ඩ මෙලෙස කොල්ලකා තිබේ.
යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ළඟ තුවක්කුවක් සහ මන්නා පිහියක් තිබු බව වෙළෙඳසැලේ සිටි මව සහ පුතු පොලිසියට පවසා ඇත. වෙළෙඳසැල පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලට පිහියක් තබා පසුව වෙළෙඳසැල ඉදිරිපිටදි වෙඩිල්ලක් තබා බිය ගන්වා තිබේ.
එම වෙඩිල්ල තබා ඇත්තේ අහසට බව පරීක්ෂණවලදි හෙළි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd