(අනීෂා මානගේ සහ ඩි ජී සුගතපාල )
දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස පෙනී සිටිමින් ඊසි කෑෂ් ක්‍රමයට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගත් බව කියන අයකු වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
වීරකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට ඉකුත් 5වැනිදා දුරකතනයෙන් අමතා තමා වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා බව කියමින් තමන් රාජකාරි කටයුත්තකට යමින් සිටියදී හදිසියේ වාහනයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කරගැනීමට ඉක්මනින් විද්‍යුත් ක්‍රමය හරහා මුදල් එවන ලෙස දන්වා තිබේ.
අදාල ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතාට දන්වා ඇති අතර ඉන් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ මොහු දීර්ඝ කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කියමින් ව්‍යාපාරිකයන්ගෙන් විද්‍යුත් ක්‍රමයට හරහා මුදල් ගෙන්වාගෙන ඇති බවයි.
මෙම මුදල් ඔහු මහනුවර අංකුඹුර ප්‍රදේශයේදී ලබාගෙන ඇති බවටද අනාවරණය වී තිබිණි.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති මෙම ජාවාරම සම්බන්ධයෙන් බොහෝ ව්‍යාපාරිකයෝ පොලිසියට පැමිණිලි කර නොමැති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට මෙයින් විශාල හානියක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීරකැටිය පොලිස් ස්ථානාධිපති යැයි කියා මුදල් වංචා කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට
Dinesh Friday, 16 October 2020 07:53 AM
පොලිසියේ කීර්තිනාමයට අගෞරව කරන්න හොඳ නැහැ එහෙම දෙයක් පොලිසියට තියෙන නිසා.