(අශෝක තිලකරත්න)
බැමිණියාගම විජයපුර කුඹුරක වන සතුන්ට අටවා තිබූ විදුලි රැහනකින් විදුලිසැර වැදුණු ගොවියෙකු මියගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
වීරවිල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd