( ඩී.කේ.රත්න )
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැලිමඩ පුහුල්පොල ජලාශ භූමියේ සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් අද (29) හවස මිය ගොස් ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය.
නුවරඑලිය , රාගල , හාල්ගන්ඔය , ලීඞ්විල් වතුයායේ පදිංචි පීටර් සිංහගේ සුමිත් කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.
මෙම පුද්ගලයාගේ මරණය පිළිබදව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd