(බලපිටිය- එස්. ඒ. වයි. ද සිල්වා)
විදුලි සැර වැදීමෙන් ඊයේ රාත්‍රි (26) පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල පොල්අතුපළාත ප්‍රගති මාවතේ පදිංචි ව සිටි එච්. එච්. ගුණසිරි (55) නමැති සත් දරු පියෙකි.
ඌරන්ට අටවන ලද විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී පොල්අතුපළාත හොරඬුව යාය කුඹුරේ වැටී සිටිය දී අලුයම දෙකට පමණ සොයාගෙන තිබේ. රාත්‍රියෙම මොහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් මියගොස් ඇති බව කියති.
රාත්‍රි 7.30ට පමණ පල්ලෙහාට යන බව කියමින් ගෙදරින් පිටත් වූ බවත් ගෙදර නොපැමිණි නිසා රාත්‍රි 12.00 ට පමණ සොයන්නට පටන් ගත් බවත් අලුයම 2ට පමණ හමු වූ බවත් මිය ගිය අයගේ බිරිය වන ජේ. ඒ. ප්‍රේමලතා මහත්මිය පැවසුවාය.
අද (27) පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි සැර වැදී අයෙක් මරුට