IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිය ඇන හිටීමෙන් දඹුලු ආර්ථිකයේ වැඩ අඩාලවෙයි

(කාංචන කුමාර ආරියදාස)
 

විදුලිය ඇන හිටීම නිසා සහ විදුලි උත්පාදක යන්ත්‍ර අක්‍රීය වීමෙන්  අද (24)  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික සේවා කටයුතු දැඩි අර්බුදයකට පත්ව තිබේ.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (24)  දවස පුරා විදුලිය විසන්ධි කර  ඇත.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෑම වෙළඳසැලකම ගනුදෙනු සිදු කරනු ලබන්නේ නව තාක්ෂණය හරහාය.
 
විදුලි උත්පාදන යන්ත්‍රයද  සති  කිහිපයක සිටම අක්‍රීය වී තිබීම නිසා මෙදින ව්‍යාපාරිකයන් ගොවීන් මෙන්ම වෙළෙන්දන්ද දැඩි අපහසුතාවයට පත්ව එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇති බව ඔවුහු පවසති.
 
එළවළු රැගෙන ආ ව්‍යාපාරිකයින් ගොවීන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වෙද්දී එළවළු මිලදී ගැනීමට නොහැකිව ව්‍යාපාරිකයෝ අපහසුතාවයට පත්ව සිටිති .
 
විදුලිබල මණ්ඩලය මගින් කලින්  මේ බව දැනුම් දී තිබියදීත් ආර්ථික මධ්‍යස්ථානයේ  කළමණාකරන භාරය මගින් විදුලි උත්පාදන යන්ත්‍රය  කඩිනමින් යාවත්කාලීන නොකිරීම සහ ඒ සඳහා විකල්ප ක්‍රම වේදයක් නොගැනීම නිසා මෙදින සිදුව ඇති පාඩුව ගණනය කිරීමටත් නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
 
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටියේ තමන්ගේ එළවළු අලෙවි කොට අවසානයේ  බිල්  බේරා ගැනීමට නොහැකිව ලතවන බව ය.
 



අදහස් (0)

විදුලිය ඇන හිටීමෙන් දඹුලු ආර්ථිකයේ වැඩ අඩාලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site