
(නවරත්න සමරතුංග)
ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වම් හා දකුණු ඉවුරුවලට ජලය බෙදාහරින යෝධ බේසම නම් ස්ථානයට අද(27) රාජකාරි කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු ඇදවැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව ඉඟිනියාගල පොලීසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මඩකලපුව ශිවම්කෝවිල පදිංචි මානික්කම් කවීශ්වරන් නැමති 26 හැවිරිදි අයෙකි.
තවත් සේවකයෙන් දෙදෙනෙකු සමග මොහු එම ස්ථානයේ වැඩ කරමින් සිටියදී එක්වරම යමක් වැටෙනු ඇසීමෙන් එහි සිටි දෙදෙනා ඒගැන සොයන විට මොහු ජලයට වැටී ඇති බව දැනගෙන ඇත. එසැණින් ඔහු නොපෙනී ගොස් ඇති අතර මේ බව ඉඟිනියාගල පොලීසියට දැනුම්දී ඇත.
පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයටවිත් ඊට පැන විදුලි බල මණ්ඩල සේවකයා සොයා ගෙන ඉඟිනියාගල මූලික රෝහල ට ගෙන ගිය නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේය.
මෘතදේහය මේවන විට ඉඟිනියාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර හෙට(28)පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල මණ්ඩල සේවකයා යෝධ බේසමට ඇද වැටී මරුට