(ඩි.ජී.සුගතපාල)
උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටි යුක්රේන ජාතියෙකු නාවික හමුදා නිලධාරින් විසින් අද (24) අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසිය වෙත භාරදී ඇත.
පොලිසිය පැවසුවේ මොහු අද දින ලංකාවට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නතරව සිට උණවටුන මුහුදට පැමිණ ඇති බවය.
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ ලෝකයේ බොහෝ රටවල විදින තුවක්කුවෙන් මසුන් මැරිම තහනම් කර තිබෙන අතර එයින් සුන්දර මසුන් මෙන්ම කොරල් පරවලටද හානි වන බවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදින තුවක්කුවෙන් මරන්නේ එක වතාවකට එක මාලුවෙක් පමණයි. සුන්දර මසුන් සහ කොරල් ආරක්ෂා කර ගැනීමට, මේ පාවිච්චි කරන තැන සහ ක්‍රමය නීති ගත කළ යුතුයි. මාළු දැල් වලින් මීට වඩා හානි වෙනවා.