(ඩි.ජී.සුගතපාල)

උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මැරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයකුට රුපියල් 50,000 ක් දඩයක් ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (27) නියෝග කළේය.

මෙසේ දඩ නියම වූයේ ලැබුවේ ස්පිවැක් දිමිත්රෝ නමැති 35 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.

සැකකරු ඉකුත් 24 වැනිදා ලංකාවට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නතරව සිට උණවටුන මුහුදට පැමිණ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටියදී නාවික හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසියට බාරදී ඇත.

සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.