(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්තේගොඩ කීරගම් පමුණුම ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැරගැනීම සඳහා යොදාගත් යතුරුපැදිය රයිගම අඟුරුවාතොට මාර්ගයේ ඇළක තිබියදී අද(30) හමු වූ බව පොලිසිය කියයි.
එම යතුරුපැදිය මීට වසර දෙකකට පෙරදී වැලිවේරිය ප්‍රදේශයෙන් සොරාගෙන තිබූ බවත්, එයට සවිකර තිබූ අංක තහඩු වසර දෙකකට පෙර අනුරාධපුරයෙන් සොරාගත් යතුරුපැදියක අංක තහඩු බව පොලිසිය කියයි.
වෑන් රථය පැහැරගැනීම සඳහා සැකකරුවන් යොදාගත් ගිනි අවිට සහ තියුණු ආයුධ දෙකක් වෑන් රථයේ ම තිබී හමු වූ බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.