(සුදත් එච්. එම්. හේවා)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් නවදෙනෙකු තුවාල ලබා ඇතැයි වටවල පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන් හතරදෙනකු නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත.
හැටන් ප්‍රදේශයේ පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
වැන් රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 9ක් රෝහලේ