(ඩී.කේ.රත්න 

වෑන් රථයක් මාර්ගය අයියේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අද (10) විදේශිකයින් හය දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ‍්‍යරාල් ජාතිකයින් හයදෙනෙකු වන බව පොලිසිය කියයි. තණමල්විල උඩවලව මාර්ගයේ තණමල්විල නගරයට මීටර් 100ක් පමණ දුරින් මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ රෝහල් ගත කළ අය අතර තරුණියන් සිව්දෙනෙකු හා තරුණයන් දෙදෙනෙකු ඇතැයි පොලීසිය කියයි. මොවුන් වයස අවුරුදු 22 – 24 ත් අතර පසුවන්නන් බවද තණමල්විල පොලීසිය පවසයි.

වෑන් රථයේ රියදුරුට නින්දයාම නිසා එය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.