IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැලි ජාවාරම්කරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟේ වැලිකන්ද කටුවන්විල පෙදෙසෙන් ට‍්‍රැක්ටර් දමා වැලි ජාවරමක නියැලී සිටි දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය වනජීවි කාර්යාලය පවසයි.

වැටලීමට ගිය අවස්ථාවේ දී  වනජීවියට අයත් කැබ් රථයක් මග හරස් කර දමා ටයර් වලට ඇණ ගැසීමට සූදානම්ව සිටි තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ වැලිපැටවු ට‍්‍රැක්ටර් දෙකක් පොලිස් බාරයට ගැණිනි.

එලෙස අද අලුයම මහවැලි ගඟට ට‍්‍රැක්ටර් 10 ක් පමණ නීතිවිරෝධීව වැලි ගොඩ දමන ජාවාරම්කරුවන් වැටලීමට ගිය විට ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පලා ගොස් ඇති බවත් කොටු වූ දෙදෙනෙකු වැලි පැටවූ ට‍්‍රැක්ටර් දෙක සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් අවුරුදු 45 ක සහ අවුරුදු 23 ක පිය පුතු දෙපළ සමඟ වැලි පැටවූ ට‍්‍රැක්ටර් රථ දෙක පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වැලි ජාවාරම්කරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site