(තරංග ගුණරත්න) 
 
වැලිගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට  මුහුදෙහි පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක්  අද(8 ) සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි.

නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මළසිරුර  ගොඩබිමට ගෙන එමට කටයුතු කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස 40 ක පමණ අයකු විය හැකි බවද ඔහු පිළිබඳව  නිවැරදි තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවද  පොලිසිය කියයි.

මෙම මරණය  සම්බන්ධයෙන්  ස්ථානිය අපරාධ විමර්ශන කටයුතු හා මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.