(ඉන්දිකා රාමනායක)

අම්පාර  උහන ලාහුගල රක්ෂිතයේ වැටලීමකට ගොස්  එහි ජාවාරම්කරුවන් පිරිසක් විසින් අතහැර දමා ගොස් තිබු දැව ට්‍රැක්ටරයක් රැගෙන එමින් සිටි විශේෂ කාර්ය බළකායාගේ භට පිරිසකට ත්‍රිරෝද  රථයකින් පැමිණි පිරිසක් පහර දී තිබේ.

ඊයේ (11) පස්වරුවේ සිදු වූ මෙම සිද්ධියෙන් නිලධාරියකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පහර දීම සිදුකළ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (12) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය.