හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 

ආණමඩුව තල්ගස්වැව ප්‍රදේශයේ කෑලෑවන් තුළ බදින කදන් අටවා වල් ඌරන් දඩයම් කිරීමේ  නිරතව සිටි දඩයක්කරුවකු අද (25) නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ තල්ගස්වැව පදිංචි වයස අවුරුදු 30 පමණ අයෙකු වන අතර අදාළ සැකකරු වනජීවි නිළධාරින්  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල වල් ඌරේකු මරා මස් කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් අළෙවි කර තිබු බවද කියයි. 

පසුව වනජීවි නිලධාරින් කළ සෝදිසි කිරීම් වලදී වල් ඌරාගේ දළ සහිත මුඛ කොටස හා ශරිරයේ අවයව රැසක් සමඟ මස් කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් නිවස තුළ තිබි සොයා ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.