(නවරත්න සමරතුංග)

අම්පාර යාපනය හන්දිය ප‍්‍රදේශයේදී අද (10) වන අලි ප‍්‍රහාරයකට ලක්වූ කාන්තාවක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සඳනදපුර වීරගොඩ පදිංචි  වී.පුෂ්පලතා අමරසිංහ නැමැති 56 හැවිරිදි සහ අකීෂා දෙව්මිණි නැමති 6 හැවිරිදි දැරියකි. 

මෙම කාන්තාව මියගිය දැරියගේ ආත්තම්මා බව පොලිසිය කියයි.

මෙම දෙදෙනා අසල කඩයකට ගොස් දැරියට අවශ්‍ය පාසල් උපකරණයක් රැගෙන නිවස බලා එමින් සිටියදී එක්වරම   ඔවුන් ඉදිරියට අලි තිදෙනෙකු පැමිණි තිබේ.

වල් අලි ප්‍රහාරයට ලක්වූ මොවුන් දෙදෙනා අම්පාර මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.