IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද සහ ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
 
නීතිවිරෝධී ලෙස මෝටර් රථයකින් වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (13) අලුයම  ඉමදුව වතවන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි.
 
පොලිස් නිලධාරින්ට සැක සිතී මෙම රථය පරීක්ෂා කිරීමේදී වල්ලපට්ටා තොගය සොයාගත් බැව් පොලිසිය පවසයි.
 
සැකකරුගේ සහායට මෙම මෝටර් රථයට පිටුපසින් යතුරු පැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
මොවුන් වයස අවුරුදු 31,22 හා 30 යන වියේ පසුවන අය බවද මොවුන් තිදෙනාම  රක්වාන  ප්‍රදේශයේ පදිංචිකරුවන්   බවද පොලිසිය පවසයි.
 
වල්ලපට්ටා තොගය බෙලිඅත්තේ සිට  රක්වානට රැගෙන යමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. කාර් රථයේ ඇති වු  කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදියෙන්  පැමිණි දෙදෙනා ගෙන්වාගෙනඇත.
 
 
අත්අඩංගුවට සැකකරුවන් අද (13) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වල්ලාපට්ටා කිලෝ 8ක් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site