(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ බටුගම්මන ප්‍රදේශයේදී අධි තාක්ෂණික උපකරණ යොදාගෙන වලවේ ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ අයෙක් අද(15) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පදිංචි අයෙකි.
බලන්ගොඩ පොලිසිය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති අතර එම අවස්ථාවේදී තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇත.
රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණ බලන්ගොඩ බටුගම්මන නිවසක් කුලියට ලබාගෙන එහි නතර වී මැණික් ගරා ඇතැයි අනාවරණය වී තිබේ.
පලා ගිය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd