IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වයඹ වෛද්‍යවරු - රෝහල් කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක

(පුෂ්පකුමාර ජයරත්න )
 

වයඹ පළාතේ වෛද්‍යවරුන් සමඟ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ අද (12) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සිදුකර ඇතැයි කියන අක්‍රමිකතාවයන්ට සහ වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණයක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ ශාඛාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. 

 විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉතා සාමකාමී ලෙස පැයකට ආසන්න කාලයක් පැවැති මෙම උද්ඝෝෂණයට වයඹ පළාතේ සියළුම රෝහල්වල වෛද්‍යවරුන් ද, කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන සියඵම  ක්ෂේත්‍ර  නියෝජනය කරමින් විශාල පිරිසක් ද උද්ඝෝෂණයට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලවත් හානියක් සිදු කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන යන ක්‍රියා කලාපය දැඩිව හෙළා දකින බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට එරෙහිව එල්ල වී ඇති වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසියාකාරව මෙහෙයවීමට බාධා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවටද උද්ඝෝෂකයෝ මෙහිදී චෝදනා කළහ.



අදහස් (0)

වයඹ වෛද්‍යවරු - රෝහල් කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site