(නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත්‍රික්කයේ උහන මායාදුන්න ගමට පැමිණි වල් අලියෙකු පහරදීමෙන් මවක් සහ පුතෙකු බරපතල තුවාල ලබා අද(22)අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්‍රයා මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මයිලපිටිය විදුහලේ උප විදුහල් පතිවරයෙකු බව කියන ගලගෙදර ප්‍රියන්ත නැමැති 36හැවිරිදි තරුණයෙකි.
66 හැවිරිදි මව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
රාත්‍රිකාලයේ ගම් වැදී සිටි මෙම අලියා උදෑසන එලවා දැමූ පසුව මව සහ පුත්‍රයා සිය නිවස දෙසට යමින් සිටියදී ඔවුන් පසු පස නැවත පන්නාගෙන විත් ඇත. එවිට තම මවගේ ජීවිතය බේරා ගැනීමට පුත්‍රයා උත්සාහ කරන විට ඔහු අලියාගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඔහුගේ මවද තුවාල ලබා ඇත.
අම්පාර මහ රෝහලේදී අධිකරණ නියමන් මත මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ හදිසි මරණ පරීක්ෂණයක් පැවැත් වීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
141
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පහරින් පුතා මරුට- මව රෝහලේ
sunil Sunday, 22 March 2020 11:10 AM
මෙවැනි ගම් වදින අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.