රොමේෂ් මධුෂංඛ
වවුනියාව, නන්දිමිත්‍රගම ප්‍රදේශයේ දී අද (25) අලුයම වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වවුනියාව බෝගස්වැව පොලීසිය පවසයි.
බෝගස්වැව 2 කොටස පදිංචි 57 හැවිරිදි දොන් ලයනල් ආරියවංශ නමැති පුද්ගලයකු එලෙස වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබේ.
බෝගස්වැව සිට වවුනියාව දක්වා පැමිණීමට යතුරුපැදියෙන් පැමිණ ඇති අතර, එහිදි වවුනියාව මහච්චකොඩිය ඒරූපතාන වැව ආසන්නයේදී වන අලියා ඔහුට පහර දී තිබේ.
එහිදී වන අලියා අදාල පුද්ගලයා පාගා ඇති බවටත් යතුරු පැදිය වැටී තිබූ ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරින් එම පුද්ගලයා ඉතා අසාධ්‍ය තත්වයේ සිටි බවත්, වවුනියාව වෙළඳපොළට එළවළු රැගෙන පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා දැක වවුනියාව මාමඩුව රෝහලට ඇතුළත් කර තිබිණි.
තුවාලකරු පසුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පැය දෙකකට පමණ පසුව ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd