(දයාරත්න ඇඹෝගම)
රණවරාව, මහදිවුල්වැව හේනක පැල් රකිමින් සිටි ගොවියකු වන අලියෙකුගේ පහරදීමකට ලක්ව අද(16) මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නොච්චියාගම, රළපනාව ජනපදයේ පදිංචිව සිටි කරුණානසේන රළපනාව නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පැල් රකිමින් සිටියදී වන අලියෙකු විසින් මෙම පුද්ගලයාටද පහරදී ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd