(ඩී.කේ.රත්න)
බුත්තල ගෝණගංආර 21 කණුව ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අද (19) දහවල් පුද්ගලයකු මියගොස් ඇතයි ගෝණගංආර පොලීසිය පවසයි.
බුත්තල රජමාවත ගෝණගංආර 21 කණුව පදිංචි කේ.ඩී.සිරිසේන නැමති වයස අවුරුදු 50ක පුද්ගලයකු මෙම වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය අසල ගෝණගංආර ප්‍රදේශයේ රටකජු වගාවක නිරත වෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්වී ඇතයි පොලීසිය කියයි.
ගෝණගංආර පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd