(හිඟුරානේ නවරත්න සමරතුංග)
අම්පාර උහන පොලිස් වසමේ පදිංචි 75 හැවිරිදි අයෙකු (07) දින වන අලියෙකුගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව උහන පොලීසිය පවසයි.
උහන තිස්සපුර ගමේ කුඹුරෙගෙදර පියසේන නැමති අය මෙම අනතුරෙන් මියගොස් ඇත.
ඔහුගේ ගෙවත්තේ ශබ්දයක් ඇසී ඒ ගැන විපරම් කිරීමට ගෙමිදුලට බැස බලනවිට නිවස අසල කොස් ගසක කොස්ගෙඩි කමින්සිටි අලියෙකු මෙසේ පහරදී ඇති බව කියයි.
තුවාලකරු අම්පාර මහ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටිබව රෝහල් ප්‍රකාශකයෙකු “ලංකාදීප”යට පැවසීය.
ඔහුගේ මෘතදේහය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ හදිසි මරණ පරීක්ෂණයක් පැවත්වීමට පියවර ගෙන තිබිණ.
අම්පාර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ගයාන් හසන්ත මාරපන මහතාගේ අධීක්ෂණය මත පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලියකුගේ පහරින් අයෙක් මරුට