
(ක.ග.කරුණාරත්න)
අරලගංවිල නිකවතලන්ද ප්‍රදේශයේදී අද(20) වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද, අංක 485 ලිපිනයේ පදිංචි එන්.එම්.අනෝමා නවරත්න නමැති 32 හැවිරිදි අයෙකි.
ඇය තම නිවෙසේ සිට කුඹුරේ ගොවිතැන් කටයුතුවල නිරතවීම සඳහා යමින් සිටියදී අතර මඟදී අලියාගේ පහරින් මිය ගොස් ඇති බව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd