IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිව මොනරාගල ගොවීන් අසරණ වෙලා

කේෂර ගුණතිලක)
 
මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටක්කා අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීහූ  අසරණ වී සිටිති.

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන,වෙහෙරගල ඉත්තෑකටුව,කිවුලේආර යන ගම්මානවල පදිංචි ගොවීන් විශාල පිරිසක් දික්කන්ද, වරාපිටිය,වලන්දාවෙල,හත්තාර යන හේන් යායන් වල අක්කර හාරදහසක පමණ වට්ටක්කා වගාකර තිබෙන අතර මේ දිනවල අස්වනු නෙලමින් පවතී.

එම අස්වනු ගම්මානවලට රැගෙනවිත් නිවාස වල සහ ඉඩම් වල ගොඩගසා තිබෙන අතර ඒවා මිලදී ගැනීමට වෙළෙන්ඳන් නොපැමිණෙන බව ගොවීහු පවසති.

ඉදහිට ගොවීන් කිහිපදෙනෙකු පැමිණියත් වට්ටක්කා ඉල්ලන්නේ ඉතා අඩු මිලකට බව සඳහන් කරන ගොවීහු වියදම් පියවාගැනීමට වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් 50,000 කට විකිණිය යුතු බව පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ තෙනගල්ලන්ද පදිංචි එස්.ඒ විමලරත්න මහතා මෙසේ කීය.
 
ගොවීන් විශාල පිරිසක් මෙවර වට්ටක්කා වගා කළා.වැඩි පිරිසක් වගාවන් කළේ ණයතුරුස් වෙලා.දැන් වට්ටක්කා කඩනවා.වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් ගමට ගෙනඒම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා.නමුත් වෙළෙන්ඳන් එන්නේ නැහැ.වට්ටක්කා ගොඩ ගසා තිබෙනවා.කල් යනකොට වට්ටක්කා කුණුවෙනවා.ගොවීන් වන අපි මෙම තත්වය මත ඉතාමත් අසරණ තත්වයට පත්වී තිබෙනවා.අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මැදිහත්වෙලා වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න මිලදීගන්න සාධාරණ වැඩපිළිවෙලක් දියත්කරන ලෙසයි.

එම්.ආර් ප්‍රේමාවතී මහත්මිය මෙසේ කීවාය.

‘‘මමයි පවුලේ අයයි වට්ටක්කා අක්කර 40ක පමණ වගා කළා.මේ දිනවල අස්වනු නෙලාගන්නවා.නමුත් විකුණගන්න විදිහක් නැහැ.අපි වට්ටක්කා වගා කළේ ණයවෙලා.ගිය අවුරුද්දේ වට්ටක්කා ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් ලක්ෂයකටත් වැඩියෙන් විකුණුවා.නමුත් මෙවර කීයටවත් ගන්නෙ නැහැ. බැංකුවට,ගමේ කඩේට ණයවෙලා තමයි වගාව කළේ.ණය ගෙවන්න තබා ගිය වියදමවත් අපට ලැබෙන පාටක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමේ ප්‍රශ්නයට මැදිහත් වෙලා සාධාරණ මිලකට වට්ටක්කා අලෙවිකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.‘‘
 
 මේ පිළිබඳව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය.
 
‘‘වට්ටක්කා ගොවීන්ගේ අස්වනු අලෙවි කරගැනීමට නොහැකි වීමේ ගැටලුව පිළිබඳව අපගේ අවධානය යොමුවී තිබෙනවා.ඒ පිළිබඳව රජය සමඟ සාකච්ඡා කොට ගොවීන්ට සාධාරණයක් ඉටුකිරීමට මැදිහත්වනවා.‘‘


 



අදහස් (2)

වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිව මොනරාගල ගොවීන් අසරණ වෙලා

ලාල් Sunday, 17 May 2020 02:12 PM

මිනිසුන්ට නිවසේදී වට්ටක්කා පිටි / කුඩු සෑදිය හැකිය. හිරු එළියේ එය වියළා අඹරන්න. රසවත් පාන්, පෑන්කේක්, කුකීස්, කේක් ආදිය සෑදිය හැකිය. එළවළු විජලනය කිරීම ජනතාවට ඉගැන්වීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබිය යුතුය. ආහාර සඳහා වට්ටක්කා පිටි භාවිතා කිරීමට ජනතාව දැනුවත් කරන්න වට්ටක්කා පිටි තිරිඟු පිටිවලට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ග්ලූටන් රහිත, තඹ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර ප්‍රභවයක්. හෘද සෞඛ්‍යයට සහ මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇත. එය පහසුවෙන් ජීර්ණය කළ හැකිය. විටමින්, ඛනිජ සහ බීටා-කැරොටින් ප්‍රභවයකි. එසේම වට්ටක්කා පිටි වල විටමින් A සහ විටමින් සී ඇත. අන්තර්ගතය වට්ටක්කා ප්‍රභේදය මත වෙනස් වේ.

:       0       2

Nihal Sunday, 17 May 2020 02:18 PM

ගොවියෝ එකතුවෙලා ලොරියක් කුළියට අරන් වයඹ පළාතට ගෙනියන්න. වට්ටක්කා සියල්ලා විකිණිය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13197 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site