බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල වාර්ෂිකව සංවිධානය කරන  "උට්ඨානවිරිය  සහතික පත්‍ර ප්‍රදානෝත්සවය  2018 "  එම දහම් පාසලේදී අද (08) පැවැත්විණි.

මෙම  අවස්ථාවට  සිරි  වජිරාරාමාධිපති සිරි වජිරාරාම දහම් පාසලේ අනුශාසක අමරපුර  ශ්‍රී  ධර්මරක්ෂිත මහා  නිකායේ  මහානායක  ත්‍රිකුණාමලයේ  ආනන්ද  නා හිමියන් , සිරි වජිරාරාම වාසී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි  විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්ය පූජ්‍ය පණ්ඩිත වැලිගෙපොළ ශීලවංශ  හිමියන් , සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය  මීගොඩ  සුඛිත හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය සහ ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ  නාගරික  ජලජ  හා  ජෛව සම්පත් කළමනාකරණ ඒකකයේ  ප්‍රධාන උපදේශක  රුහුණු විශ්ව විද්‍යාලයේ   හිටපු උප  කුලපති   ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ගාමිණි  සේනානායක මහතා , වජිරාරාම  දහම් පාසලේ නියෝජ්‍ය  ප්‍රධානාචාර්ය  වරාය  සහ  නාවික  කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් ශාස්ත්‍රපති ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)