(රෝවන් පෙරේරා)
මිලි මීටර 60 ක් වන මෝටාර් බෝම්බයක් සහ ටී56 හිස් පතරොම් කොපු 9960ක් අද (14) සොයා ගැනීමට නවගත්තේගම පොලිසියට හැකිවී ඇත.
ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව භාවිතයෙන් තොරවූ වගා ළිඳක තිබියදී මෙම බෝම්බය සහා පතරොම් සොයා ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.
අබලි යකඩ එක් රැස් කරන කිසියම් පුද්ගලයකු හෝ කිහිප දෙනකු එක්ව මෙම බෝම්බ සහ උණ්ඩ ළිඳට ගෙනැවිත් දමන්නට ඇතැයි ගම්වාසීහු සැක පලකරති.
ප්‍රදේශවාසින්ගේ සහාය ඇතිව තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ පොලීසියේ සහයෙන් සෙල්ලන්කන්දල් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් බෝම්බය හමුවූ වෙලේවැව තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ජනශුන්‍ය ස්ථානයකදී බෝම්බය පුපුරුවා හැරීය.
හිස් පතරොම් කොපු නවගත්තේගම පොලීසිය විසින් පරීක්ෂණ සඳහා රැගෙන යන ලදී.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.