( තුසිත කුමාර ද සිල්වා)

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, බේරුවල ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව, සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (21) අලුත්ගම නගරයේ සිට මොරගල්ල සංචාරක පොලීසිය දක්වා සාම පා ගමනක් පැවැත්විය.

අදට (21) යෙදී තිබෙන "ලෝක සාම දිනය" නිමිත්තෙන් සංවිධානය කර තිබූ මෙම පාගමනට සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගම් නියෝජනය කරන ජනතාවද එක් වී සිටියහ.