IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි )  

වසර  පහකට  වැඩි  කාලයක්  අවහිර  කර  ඇති බලන්ගොඩ  ඉඹුල්පේ  නන්පෙරියල් හරහා ලෝකාන්තය   පිවිසිමට  ඇති  කෙටිම  මාර්ගය  නැවත  සංචාකයින්ට  විවර  කිරිම  සඳහා  රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමේදී  අනුමැතිය  ලැබුණු  බව  ඉඹුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා  අද  (06) දා පැවැසිය.

බලන්ගොඩ  ඉඹුල්පේ  ප්‍රදේශයේ  සිට  ලෝකාන්තය නැරඹීමට යන දේශිය හා විදේශිය  සංචාකයින්ට  නන්පෙරියල් මාර්ගයේ ගමන්  කළ නොහැකි  අයුරින්  නන්පෙරියල් වතුයායේ  කළමනාකාරිත්වය  විසින් ගේට්ටුවක් දමා මාර්ගය  අවහිර කර තිබුණි බවත්   එහිදී සංචාරකයින් මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමට තමන්  දැනුම් දිමක්  කළ බව  ශ්‍රී ලාල් සෙනරත් මහතා කිය.
 
පවතින අවහිතාවය ඉවත්  කර සංචාකයින්ට නිදහසේ  එම  මාර්ගයේ ලෝකාන්තය නැරඹීම සදහා  යැමට අවසරය ලබා දෙන මෙන්  තමන් කළ  යෝජනාව රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ,පළාත් ආණ්ඩුකාරවරයාගේ ඇතුළු සියලුම  බළධාන්ගේ  අනුමැතිය එහිදී ලැබුණු බව ඒ මහතා  කිය.  

නන්පෙරියල් ප්‍රදේශයේ  යොදා ඇති ගේටිටුව තව  සතියකින් පමණ  ඉවත්  කිරිමට කටයුතු කරන බවත්  ඉන්  පසු  ලෝකාන්තය නැරඹිම සදහා   යන දේශිය හා විදේශිය සංචාරකයින්ට  නන්පෙරියල් හරහා  බාධාවකින් තොරව ගමන්  කළ හැකි බව ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවැසිය.



අදහස් (0)

ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 28 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site