IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා කාම්බෝරයේ පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.

‍‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස ද හැඳින්වුණු කාවන්ට මේ වන විට මිතුරකු හමුවී ඇති අතර ඒ ප්‍රතිකාර ලබාදීමට පැමිණි පශු වෛද්‍යවරයෙකි.

දැඩි ප්‍රචණ්ඩ හස්තියකු වූ කාවන් සමීපයට යාමට අමීර් කලීල් නැමති එම වෛද්‍යවරයාට හැකිවී ඇතැයි ද වාර්තා වන අතර කාවන් හා එම වෛද්‍යවරයා ඉතා සමීපව සිටින ඡායාරූප ද සමාජ මාධ්‍යවල පළ වී තිබේ.

කාවන් හස්තියා පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවූයේ එම සත්වයා ඉස්ලාමාබාද් හි මාගසාර් සත්වෝද්‍යානයෙන් නිදහස් කර සුදුසු සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙස එරට මහාධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙනි.

කාවන් වාසය කළ ඉස්ලාමාබාද් හි ‘මාගසාර්’ සත්වොද්‍යානයයෙහි ඇති අවිධිමත් පරිපාලය හේතුවෙන් එය වසා දමන ලෙස ද මේ වන විට අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තම සහකාරිය වූ සහේලිගේ අභාවයෙන් පසු 2012 වසරේ සිට දිගු කාලයක් තනිව ජීවත් වන කාවන් දැඩි මානසික පීඩනය හේතුවෙන් ඇතිවූ කාංසා තත්ත්වයකින් මෙන්ම පාදයේ ආබාධයක් හා මන්දපෝෂණ තත්ත්වයක් ආදී රෝගයන්ගෙන් පීඩා විඳින බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් කාවන් කාම්බෝජියාවට ගෙනයාම ප්‍රමාද වී ඇති අතර මේ වන විට ලැබෙන ප්‍රතිකාර හේතුවෙන් කාවන් සුව අතට හැරෙමින් සිටින බවද වාර්තා වී තිබේ.

වෛද්‍ය අමීර් සමඟ ඉතා කුළුපග වී ඇති මෙම හස්තියා මේ වන විට උදෑසනම තමා සිටින මඩුවෙන් පිටතට පැමිණ වෛද්‍යවරයා එනතුරු මග බලා සිටින බව ද වාර්තා වේ.

මානසික පීඩාවන්ගෙන් පෙලෙන කාවන් නිරන්තර හිස දෙපස වැනීම ආදී ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, කාවන් වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයාමේ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියා වන ෆ්‍රෑන්ක් සිනාත්‍රා හා වෛද්‍ය අමීර් එක්ව සංගීත චිකිත්සාවක් මගින් එම සත්වයාට මානසික ප්‍රතිකාර ලබාදීමද ආරම්භ කර ඇති බවත් විදෙස් තොරතුරු වාර්තා කර තිබේ.

මෙය අලි ඇතුන්ගේ බරපතල මානසික රෝගී ලක්ෂණයක් වන හිස ගසාගැනීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාවන් වර්තමානයේ දී හිස ගසා නොගන්නා එකම අවස්ථාව වන්නේ වෛද්‍ය අමීර් හා ෆ්‍රෑන්ක් සිනාත්‍රාගීතයක් ගායනා කරන විට වන අතර කාවන් කලබලයට පත්වන ඕනෑම අවස්ථාවක වෛද්‍යවරයා කාවන් වඩා ප්‍රිය කරන ගීතයක් ගායනා කර එම සත්වයා සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව ද වාර්තා වේ.

මීට පෙර සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රදේශවාසීන් කවාන්ගේ වෙනස ගැන බොහෝ විට මවිතයට පත් වන බව ද සඳහන් වේ.

අභයභූමියකට යැවීමට පෙර කාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම ෆෝර් පව්ස් ඉන්ටර්නැෂනල් ආයතනය, ඉස්ලාමාබාද් වනජීවී මණ්ඩලය සහ පශු වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර සිටී.

කාම්බෝජයට රැගෙනයාම සඳහ කාවන් අලින් රැගෙන යා හැකි විශේෂ කූඩුවක රැගෙනයාමට සිදුවන නිසා තවදුරටත් හීලෑ කර පුහුණු කිරීමට සිදුවන බවත් එම කණ්ඩායම සඳහන් කර තිබේ. එම පුහුණුවෙන් පසු කාවන්ට කාම්බෝජයේ අභය භූමියක නිදහස් දිවියක් උරුම වනු ඇත.

ශ්‍රී ලංකාවෙන් පකිස්තාන රජයට 1985 වසරේදී ලබාදී ඇති කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවන අතර එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරී අන්දමින් තනිව ජීවත්ව ඇත.

කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ 08 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම් හෝ නොමැතිව බව වාර්තා වේ.

මෙම හස්තියට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චේර් ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකර් තිබූ අතර එය විභාග කළ පාකිස්තාන මහාධිකරණය කාවන් සුදුසු ස්ථානයකට යොමු කිරීමට එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබිණි.

 



අදහස් (0)

ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21808 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18108 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10840 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 532 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site