(හිඟුරානේ නවරත්න සමරතුංග)
අම්පාර කල්මුණ ප්‍රධාන මාර්ගයේ උදයපුර බෝගස අසල ප්‍රදේශයේදී අද (25) පෙරවරු 10.45ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් සහ යුද හමුදා සෙබළුන් ගමන් ගත් ට්‍රැක්ටරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යුධ හමුදාවේ සාමාන්‍ය සෙබළුන් තිදෙනෙකු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බව අම්පාර පොලිසිය පවසයි.
අම්පාර නගරය දෙසින් කල්මුණේ දෙසට ගමන්කළ වැලි පැටවූ ට්‍රක්රථයක් සහ කල්මුණ දෙසින් අම්පාර නගරය දෙසට පැමිණි ට්‍රැක්ටරයක් මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එම ලොරි රථයේ දකුණු පස යතුරුපැදි දෙකක් සහ පාරේ ගමන් කල පුද්ගලයෙකුද ගැටී ඇත.
මෙම අනතුරින් මල්වත්ත යුධ හමුදා කඳවුරට අයත් ට්‍රැක්ටර් රථය දෙකට වෙන්ව ගොස් ඇති අතර එහි රියැදුරා ඇතුළු සෙබළුන් තිදෙනා රෝහල් ගතකර ඇත.
මේ අනතුර සම්බන්ධයෙන් යුද හමුදාවේ වෙනම පරීක්ෂණයක් සිදු කෙරෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
අම්පාර කොට්ඨාශය බාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


2025 දෙසැම්බර් මස 18
232
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි - ට්‍රැක්ටර් ගැටුමෙන් 3කට තුවාල
upali Saturday, 25 January 2020 03:43 PM
මේ ටිපර් ජව්සම නතර කරන්නම බැරිද ?
ලුම්බිණි Sunday, 26 January 2020 05:06 AM
මේ දවස් වල වෙන අනතුරු වලින් වැඩි හරියක් වැලි ලොරි වලින් තමයි.