IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර)

ලොරි රථයකින් කේරල ගංජා කිලෝ 61 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයයෙක් අත්අඩංගුවට ගත් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්‍ෂ 07 ක මුදලක්ද සොයාගෙන ඇත.

ලොරියකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී කැලණිය වේවැල්දුව ප්‍රදේශයේදී අද (03) අල්ලා ගත් පුද්ගලයයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කරගත් තොරතුරු වලට අනුව ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්‍ෂ 07 ක මුදලක්ද සොයා ගෙන ඇත.

කොළඹ මිහිඳු මාවතේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කැලණිය වේවැල්දුව ටයර් සංස්ථා හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කළ අතර එහි කේරල ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී එම නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ලොරි රථයේ රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ශ්‍රී ලංකාවෙන් පළාගොස් ප්‍රංශයේ සැඟවී සිටින පුද්ගලයකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවත් ඔහුගේ අනුදැනුම ඇතිව සේදවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ගංජා ජාවාරමේ මෙරට හසුරුවන බවත් හෙළි කරගෙන ඇත.

වැඩිදුර විමර්ශන වලදී සේදවත්තේ පදිංචි මෙරට ප්‍රධාන ජාවාරම්කරු විසින් මීට මාස දෙකකට පෙර රුපියල් කෝටි 2 1/2 කට වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් හෝටලයක් මිලදී ගෙන ඇති බව හෙළි කරගත් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් එම හෝටලය පරීක්‍ෂා කිරීමේදී ගංජා ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් ලක්‍ෂ 07 මුදලක් සුක්‍ෂම අයුරින් එහි සඟවා තිබියදී සොයාගෙන ඇත.

මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින මෙම ගංජා ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු අල්ලා ගැනීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුලත්මුදලි සහ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 120 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site