
(ඩබ්ලිව්.ඒ. අසේල)
උඩුවෙල හන්තාන ප්‍රදේශයේ දී නීතිවිරෝධීව කොස් හා ටූනා දැව ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු ලොරි රථයක් සමග අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග කළ අපේක්ෂකයෙකු ද වන අතර, ඔවුන් ඉරූ දැව කොටස් 80ක් පමණ මෙම ලොරි රථයේ පටවාගෙන ගොස් ඇත.
සැකකරුවෝ තලාතුඔය උඩුවෙල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් හෙට(14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.