IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී

(ශාන්ත චන්ද්‍රසිරි)
 
තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ලෙච්චුමන් භාරතිදාසන් මහතා අද (29) වැඩබාරගත්තේය.

 
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවට තේරී පත් වු ලෙච්චුමන් භාරතිදාසන් මහතා එහි උප  සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
 
මීට පෙර තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු  කරන ලද ඒ. අශෝක සේපාල මහතාගේ සභාපතිධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදු කර තිබේ.
 
හිටපු සභාපතිවරයා සිදු කරන ලදැයි පැවැසෙන වංචා දුෂණ චෝදනා අටක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වනතුරු හිටපු සභාපතිවරයා මෙසේ සභාපති තනතුරෙන් තාවකාලිකව දැනට ඉවත් කොට නව සභාපතිවරයෙකු පත් කර ඇත.
 
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site