IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලකේගල හීන් ගඟ ආශ්‍රිත ජන අයිතීන් සුරැකීමට නව සංවිධානයක්

 (කාංචන කුමාර ආරියදාස)
 
නකල්ස් කදු පද්ධතිය සහ ලකේගල මුදුනින් ගලා හැලෙන හීන් ගඟ ආරක්ෂා කිරීම සඳහා විල්ගමුව කොට්ඨාසයේ දේශපාලන පක්ෂ හතරක මහජන නියෝජිතයන් ඒකාබද්ධවී " හීන් ගඟ ආශිත ජන අයිතිය සුරැකීමේ සටන් පෙරමුණ "නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
 විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජි . තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශේෂ මහා සභාවක් කැඳවා මෙම සංවිධානය පිහිටුවාගෙන තිබේ.
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ‍ප්‍රාදේශීය  සභා මන්ත්‍රී වසන්ත ඒකනායක  ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කිරීම සඳහා උප සභාපති ඉන්දික සමන් කුමාර ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීම සඳහා ප්‍රාදේශීය   මහා මන්ත්‍රී ජයන්ත ඒකනායක, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කිරීම සඳහා  ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශාන්ත ප්‍රදීප් කාන්තාවන් නියෝජනය කිරීම සඳහා ‍  සභාවේ කාන්තා නියෝජිත මන්ත්‍රීවරියන් ඇතුළු පිරිසකගෙන් යුක්තව මෙම සංවිධානය ඇති කළ බව උප සභාපති ඉන්දික සමන් කුමාර මහතා පැවසීය.

 ලකේගල සහ නකල්ස් කඳු පත්ති අතරින් ගලා හැලෙන හීන් ගඟ විල්ගමුව කලාපයේ  පානීය ජලය මෙන්ම ගොවිතැන් සඳහා ඇති එකම ජල මූලාශ්‍රය   බවත් මේ වන විට මෙහි ජලය කඳුමුදුනින් හරස්කොට කළු ගඟට හැරවීම සදහා සක්‍යතා වාර්තාවක් සැකසීම  සිදුකරන බවත් පෞද්ගලික ආයතනයකට මෙය භාර දී මේ වන විටත් විශාල පරිසර හානියක් රක්ෂිතයේ තුළ සිදුවෙන බව ඔවුහු චෝදනා කරති.
මෙම ක්‍රියාදාමය කවුරුන් විසින් සිදු කරන්නේ ද යන්න කිසිදු තොරතුරක් දැන ගැනීමට නොමැති බවත් ඔවුහු කියති.අඩුම තරමේ විශාල පිරිසක් පැමිණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මහ වනාන්තරයේ පාරවල් හෙළි පෙහෙළි කරමින් තිබියදීත් කාර්යාලයක් හෝ පවත්වාගෙන නොයෑම නිසා සැක සංකා මතු වන බව එම සංවිධානය කියයි.
 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් සහ වගකිවයුතු දේශපාලන බලධාරීන්ගෙන් රජයේ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් ද කිසිදු තොරතුරක් ලබා නොදෙන බවත්  සක්‍යතා  වාර්තාවක් සැකසීම සඳහා අවශ්‍ය නීතිමය ලියකියවිලි පවා කොළඹින් රැගෙනවිත් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඔවුන් කියති .
 ලකේ ගල කඳු මුදුනේ  පිහිටි රාවණා සහ සීතා දේවි සිටි බව අතීතයේ සිට ජනප්‍රවාදයේ සඳහන්වන යකා බැඳි ගල මේ දිනවල විදීම  සිදුකරන බවත් මෙය ඉතා ඓතිහාසික වටිනාකමකින් යුත් විල්ගමුව ලග්ගල අනන්‍යතාවය බව ද මෙම සංවිධානය  කියයි .

 
 ඒ අනුව මෙහි කිසිදු තොරතුරක් ලබා නොදී වටිනා ජල උල්පතක් වන හීන් ගඟ කළු ගඟ ජලාශය ට හැරවීමට විරුද්ධව   ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද සටන් කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව  ලග්ගල විල්ගමුව ආරක්ෂා කිරීම ලකේ ගල නකල්ස් කඳුවැටිය ආරක්ෂා කිරීම  ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම පරිසරය ආරක්ෂා කිරීම  හින්  ගඟ ආශ්‍රිත ජන අයිතිය සුරැකීමේ සටන් පෙරමුණේ එකම වගකීම බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික සමන් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ලකේගල හීන් ගඟ ආශ්‍රිත ජන අයිතීන් සුරැකීමට නව සංවිධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2524 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site