(ඩී.ජී.සුගතපාල)
රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 63 මිලි ග්‍රෑම් 220ක් තම ඇඳුම්වල සඟවාගෙන සිටි සැකකරුවෙකු ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින්අද(20) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණු තෙරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහුගේ යට කලිසමේ සාක්කුවක් මසා ඒ තුළ සඟවාගෙන සිටි හෙරොයින් තොගය සොයාගෙන ඇත.
මෙම හෙරොයින් තොගය අලෙවි කිරිමේ පහසුව සඳහා ග්‍රෑම් එක බැගින් රෝස පාට කුඩා පොලිතින් බැග්වල අසුරා තිබු බවත් මෙහි වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බවත් පොලිසියි පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd