(අප්සරා යෝසිත් විජේසූරිය)
 

රත්නපුර, සමඟිපුර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ හතක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු අද(14) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු සමඟිපුර ප්‍රදේශයේ පදිංචි, 24ක අවිවාහක තරුණයෙකි.
 
එම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවකු බවත්, මත්ද්‍රව්‍ය මිලදීගැනීමට මුදල් සොයාගැනීමේ අරමුණින් පසුගිය 11වැනි දින මෙම සොරකම් කරන්නට ඇති බවත් පොලිසිය පවසයි.
 
සැකකරුට එරෙහිව නිවාසවලින් දේපළ සොරකම් කිරීම සම්බන්ධ නඩු 4ක්ද  අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසයි කියයි.
 
සොරාගත් භාණ්ඩ තොගයෙන් කොටසක් සැකකරු සන්තකයේද කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර තිබියදීද සොයාගත් බව පොලිසිය පවසයි.