(රෝවන් පෙරේරා)
බොල් වී රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ 10 පමණ වටිනා බුරුත කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව මන්නාරම වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ.
මන්නාරම මඩු රක්ෂිතයෙන් මෙම බුරුත කදන් තොගය කපා කන්ටේනර් රථයකින් යාපනයට රැගෙන යමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම වන සංරක්ෂණ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ සහ සැකකරුවන් මන්නාරම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ලබන මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දෙන්න.